ගුරු පරපුරේ ක්‍රමවේදය

 

වසර 1200 කට පමණ පෙරාතුව ශංකරාචාර්ය තාපස නිකාය (ASCETIC ORDER) ස්ථාපිත කළ නමුත් වේද යුගයේ සිට අභිනිෂ්ක්රාමණිකයන්ගේ අඛණ්ඩ පරම්පරාවක් පැවතුණි. ඔවුන්ගේ තවුස් නිකාය ස්ථාපිත කිරීමේ දී ඔහු ඉන්දියාවේ උතුරැ, දකුණු, නැගෙනහිර, බටහිර පමණක් නොව මධ්‍යම ඉන්දියාවේ ද මධ්‍යස්ථාන ආරම්භ කළේය. සමස්ත ඉන්දියානු තාපස නිකායේ සම්ප්‍රදායන් අනාවරණය වන්නේ මේ මධ්‍යස්ථාන පහෙන් එකකිනි. අපේ සම්ප්‍රදාය භාරතී නමින් හැඳින්වෙයි. භා යනු දැනීමයි. රතී යනු ඇලුම් කරන්නාය. ඒ අනුව භාරතී යනු දැනුමට ඇලුම්කරන්නාය. මෙයින්ම භාරත යනු නම සෑදී ඇති අතර එහි තේරැම අධ්‍යත්මික දැනුමෙන් යුතු දේශයයි. ඉන්දියාව සංස්කෘත භාෂාවෙන් හැඳින්වෙන්නේ භාරත නමිනි.

අපේ සම්ප්‍රදායේ අද්විතීය ලක්ෂණයක් තිබේ. එය ශංකර්ගෙන් ඈත දිවෙන අඛණ්ඩ සෘෂි පරම්පරාවක් හා සම්බන්ධ වී තිබීමයි. අපේ හිමාලයානු සම්ප්‍රදාය ශංකර සම්ප්‍රදාය වුවත් එය පිරිසිදු ලෙසට ම තාපස ගණයේ වන අතර පුහුණුවීම් සිදුකෙරෙනුයේ ඉහත සඳහන් මධ්‍යස්ථාන  නොව හිමාලයේ ගල්ගුහාවලය. අපේ සම්ප්‍රදායේ  හැටියට සෘෂිවරැන් විසින් උගන්වනු ලබන අධ්‍යත්මික අභ්‍යාස වලට අමතරව උපනිෂද් අධ්‍යනය අත්‍යාවශ්‍යය. නිල ධර්ම ග්‍රන්ථවලින් එකක් වනුයේ මාන්ඩුකෙය්හ්ය උපනිෂද් ය.

ශ්‍රී විද්‍ය දැනුම සෘෂිවරැන් විසින් කියා දෙනු ලබන්නේ පියවරෙන් පියවරට ය. මේ ඉහළට ඉගෙනගත් ශිෂ්‍යයන්ට ප්‍රයෝග ශාස්ත්‍ර හෙවත් සංයම ලෙස මෙම දැනුම යොදා ගැනීමේ අභ්‍යාසයන් ඉගැන්වේ. විශ්වයේ මා පිය මූල සාධකයන් කෙරෙහි අපි විශ්වාසය තබා ඇත්තෙමු. අපේ වැඳුම්වලදී මායාව මෑණියන් ලෙස සැලකෙන අතර එය අධ්‍යත්මික ප්‍රබුද්ධත්වයට බාධකයක් ලෙස නො සැලකේ. අප අභ්‍යන්තර ලෙස වැඳුම් කරන නමුත් අප අතර වත්පිළිවෙත් සම්ප්‍රදායක් නැත.

අපේ සම්ප්‍රදායට අනුව උපනයන අවස්ථා තුනකි.
• පළමුවැන්න - මන්ත්‍ර , අවබෝධ ආශ්වාස ප්‍රශ්වාස සහ භාවනාව
• දෙවැන්න - ශ්‍රී විද්‍ය අභ්‍යන්තර වන්දනය, බිංදු වේදනා හෙවත් ඥානයේ මුතු ඇටය සිදුරැ කිරීම.
• තුන්වැන්න - ශක්තිපාත, කුණ්ඩලනී ශක්තිය පෙති දහසේ නෙළුම් මලට හෙවත් සහශ්‍ර චක්‍රය දක්වා ගෙනයාම.

 

ඒ තත්ත්වයට අවතීර්ණ වූ විට අපි කිසිම ආගමක්, කුලයක්, ලිංගිකතාවයක් හෝ ‍ස්වභාවයක් සමග ඇසුරක් නොපවත්වමු. එවැනි යෝගීන් ගුරුවරුන් (Master) ලෙස හඳුන්වනු ලබන අතර, ඔවුහු දැනුම බෙදා හැරීමේ කාර්යයන්හි යොදවනු ලබයි. සෘෂීන්ගේ සංවරශීලී බව අපි තදින් ම අනුගමනය කරමු.

 

ප්‍රයෝග ශාස්ත්‍ර පිළිබඳව විස්තර සහිතව සාකච්ඡා කිරීමේ අයිතියක් මට නැත. ‘න දතෞයම්, න දතෞයම්, න දතෞයම්’ හෙවත් ‘නොදෙනු, නොදෙනු, නොදෙනු’ යනුවෙන් තහංචි පනවා ඇත්තේ එකී රහස් මුළුමනින්ම සූදානම් වූ, කැපවුණු හා ඉහළ තලයක ආත්ම සංයමයෙන් යුතු අයට හැර පිටස්තරයින් අතට පත්වීමෙන් වැළකීමටය. අපේ මාර්ගයේ දී ගුරැදේව යනු දෙවියකු නොවේ. ඉතා විශ්වාසවන්ත ලෙසත්, අවංකවත් ප්‍රබුද්දත්වයට පත්වූවකු ගුරුදේව නමින් හැඳින්වේ. ප්‍රබුද්දත්වය සඳහා අපි ගුරුතුමෙකුගේ ප්‍රසාදය ලැබීම කෙරෙහි විශ්වාසය තබමු. ගුරුවරයකුගේ කාර්යභාරය පූර්ණත්වයට සම්ප්‍රාප්ත වීම සඳහා තම ශිෂ්‍යයන්ට ආත්මාර්ථකාමීත්වයෙන් තොර ව උපකාර කිරීමය.

අප සම්ප්‍රදාය පහත සඳහන් හැඩගැසීම අයත් වේ.

  1. දෙවැන්නකින් තොර එකම පරමාත්මය අපේ දර්ශනයයි.
  2. පරාර්ථකාමීව මිනිස් වර්ගයා‍ට සේවය කිරීම දයාවන්ත බව විදහාපෑමක් වන අතර එය සිතෙන් ක්‍රියාවෙන් හා කතාවෙන් අනුගමනය කළ යුතුය.
  3. පතංජලී යෝග ක්‍රමය උසස් අභ්‍යාසයන්ට තබන ප්‍රථම පියවර ලෙස අප විසින් සලකනු ලබන නමුත් දර්ශනවාදීව අපි අද්වෛත ක්‍රමය අනුගමනය කරමු.
  4. ශරීරය නිශ්චලව තබාගෙන, සංසුන් ලෙස ආශ්වාස ප්‍රශ්වාස කරමින් සිත පාලනය කරගෙන භාවනාව ක්‍රමානුකුලව කෙරේ. දැනුවත්ව හුස්ම ඉහළ පහළ දැමීම, ස්වයං සාධන ස්නායු පද්ධතියේ පාලනය හා පහත් ආශාවන් පාලනය කිරීම පුහුණු කෙරේ.
  5. පොදුවේ අප ශිෂ්‍යන්ට උගන්වනු ලබන්නේ මධ්‍යම ප්‍රතිපදාවයි. ඉහළ තත්ත්වයන් ඉගෙනීමට සූදානම් අයට ඉහළ තලයේ අභ්‍යාසවල යෙදීමට අවස්ථාව සැලසේ. මෙමගින් ප්‍රජාවට දෛනික කටයුතුවල යෙදෙමින් උසස් ජීවිතයක් ගත කළ හැකිය. බටහිර සිසුන්ගේ පහසුව සඳහා අපේ ක්‍රමය සුපිරි විඥානක භාවනාව ලෙසින් හැඳන්වේ. මම හිමාල සෘෂිවරුන්ගේ පණිවිඩකරැවෙක් පමණක් වෙමි. සහජඥාන මධ්‍යය තුළින් එන දෙයක් මම උගන්වමි. මගේ ගුරුතුමා ඉල්ලා සිටි පරිද්දෙන්ම මගේ දේ්ශනයන් හා කතා කිරීම් සඳහා මම පෙර සූදානමක නොයෙදෙමි. 
  6. අපි වෙනත් ආගමකට හරවා ගැනීමක්, සංස්කෘතික පුරුදු වෙනස් කිරීමක් හෝ විශේෂයෙන් අලුත් දෙවිකෙනෙකු හඳුන්වාදීමක් හෝ නොකරමු. අපි හැම ආගමකටම එක සේ ගෞරව කරමු. කිසිවකු හෝ වෙන් නොකොට සියල්ලටම ‍ප්‍රේම කරමු. අපි කිසිම පන්සලකට, පල්ලියකට හෝ දේවස්ථානයකට හෝ එරෙහි නොවෙමු. මිනිසුන් නොසලකා හැර අපි දෙවියකුට නිවාස නොතනන්නෙමු. අපේ පරම විශ්වාසය වන්නේ මනුෂ්‍යයා යනු ජීවමාන ආයතනයක් හෝ පන්සලක් හෝ බවයි. 
  7. අපේ සාමාජිකයන් ලොව පුරා සිටින බැවින් සන්නිවේදන පහසුව තකා අපි අධ්‍යාපනය කෙරෙහි විශ්වාසය තබමු. අපේ උපාධි වැඩසටහන්වලදී දැනුම ප්‍රධානය කිරීම සෘෂිවරැ විසින් කරනු ලබන බැවින් එමඟින් බුද්ධිමතුන්ගේ අභ්‍යන්ත අවශතා සාක්ෂාත්කරණය සිදු වේ.
  8. අපි ශාක භෝජනය පුරැදු පුහුණු කරමු. යහපත් ශරීර සෞඛයක් හා දිගු කාලයක් ජීවත්වීම සඳහා අපි පෝෂ්‍යදායී ආහාර සම්බන්ධයෙන් දැනුම ලබාදෙමු. ඒ අතම අපි කිසිම අවස්ථාවක ළමයින්ට ශාක භක්ෂණය සඳහා බලපෑම් නොකරමු. 
  9. අපි පවුල් සංස්ථාවට ගරැකරන අතරම ස්වයං අධ්‍යන වැඩසටහන් මඟින් ළමා අධ්‍යාපනය අවධාරණය කරමු. එහෙත් අපේ ඇදහිලි හා විශ්වාස ආදිය මඟින් ඔවුන්ට බලපෑම් ඇති නොකරමු.
  10. අපේ පුහුණු ගුරුවරුන් විසින් යෝග විද්‍යාවේ ශරීරය, ආශ්වාස ප්‍රශ්වාසය , සිත පුද්ගල ආත්මය හා සම්බන්ධ හැම අංගයක් ම විධිමත් ව උගන්වමු. ඇතුළත හා පිටත අවබෝධ සූවකය වන අතර ප්‍රසාරණයේ ක්‍රම සහ විධි ඉතා සැලකිලිමත් ලෙස ශිෂ්‍යන්ට හඳුන්වා දෙමු. 
  11. මනුෂ්ය වර්ගයාට සේවය කිරීම පිණිස යෝග පුහුණු කිරීම්, විවේකය හා භාවනාව ද ඇතුළත් ව පරීක්ෂණයට භාජනය කිරීම, සසඳා බැලීම හා තීරණයන්ට එළඹීම කෙරෙහි විශ්වාසය තබමු. 
  12. අපේ අත්හදා බැලීම් ලේඛණගත කර මනුෂ්‍යයත්වයේ යහපත තකා ප්‍රසිද්ධියට පත් කරමු.
  13. අපි කිසිවකු හෝ අත් නොහැර සියල්ලන්ටම ‍ප්‍රේම කරමින් විශ්ව සහෝදරත්වය කෙරෙහි විශ්වාසය තබමු. 
  14. අපි දේශපාලනයෙන් හා අන්ය ආගම්වලට විරැද්ධවීමෙන් තදින් ම වලකිමු. 
  15. බෙහෙවින් ම වැදගත් වන්නේ සිතෙන්, වචනයෙන් හා ක්‍රියාවෙන් අවිහිංසාව ප්‍රගුණ කිරීමය.

සෘෂිවරුන් හා හිමාලයානු ගුරුවරැන් විසින් ප්‍රධානය කරනු ලබන දැනුම අභිලාෂීන්ට මඟපෙන්වනු ලබන්නේ අඳුරෙහි දැල්වෙන ආලෝකයක් පරිද්දෙනි. මෙම පණිවුඩයේ අරමුණ හැම මිනිස් හදවතකම පවතින්නා වූ දිව්‍යමය ගිනිහුල සක්‍රීය කරවීමය. මේ ගිනිහුල අධ්‍යාත්මික සංවරශීලී බවෙන් දැල් වූ කළ එය සත්‍යයේ දැවැන්ත ආලෝකය ලෙස ඉහළින් ඉහළට නඟිනු ඇත. එය ජෛව හෝ චංචල හෝ සිතෙන් පැන නැඟී අපේ මානසික අහස් ගැබ පසුකොට අවසානයේ දී ආලෝකයේ පාරාදීසයෙන් ඇතුළු වන්නේ එහි සදාකාලික සත්‍යයේ නිවහනටය.

එවිට දෙවියන් වහන්සේ දිව්‍යමය සැසිවාරයෙහි නිසලව හිඳගෙන ඉහළ ම බලයකින් යුක්තව අපරිමිත භාග්‍යවත් බවේ වයින් පානය කරන්නාහ. මේකී අමරණීයත්වයේ බිළිඳා විශ්ව දෙමාපියන්ගේ දරුවෙකි. ඔහු නිරතුරුවම දිව්‍ය මෑණියන් විසින් ආරක්ෂා කරනු ලබන්නේය. මෙම ප්‍රමෝදයේ ප්‍රීතිමත් දරුවා දැඩි ප්‍රීති  ප්‍රමෝදයෙන් කල් හරින්නේය.

අභිනිෂ්ක්‍රමණ මාර්ගයේ පා තබන්නන්ට ඔහු සෘෂිවරයෙක්, නිදි වර්ජිත දූතයෙක් හා සදා අවධි අවධානයෙන් පසු වන මාර්ගෝපදේශකයෙක් වන්නේය. එවන් නායකයෙකු මනුෂ්යත්ව පෙරමුණේ ගමන් ගන්නේ මිනිසාට සුව පහසුව හා උපකාර සලසමින් ඔවුන්ගේ ප්‍රබුධ්දත්වය සඳහාය.

ඕම්...... ශාන්ති, ශාන්ති, ශාන්ති.
සත්ගුරු දේව් ස්වාමි රාමා

සියලු මනුෂ්ය වර්ගයාගේ යහපත සඳහා ලෝකයේ පහල වූ මහා සෘෂින්වහන්සේලා ලොවට හෙළිකල අධ්‍යාත්මික ගමන් මාර්ගය අපගේ අධ්‍යාපන වැඩපිළිවෙලයි.

සියලු පාප අකුසල වලින් දුරලමින් මිනිස් මනස වසා දමන අතර පාප අකුසල ධර්ම යටපත්කොට අවබෝධය ප්‍රඥාව අවධිකරවන නුවණ ක්‍රියාකාරී කරවන ස්වභාවයට පුද්ගලයෙකු පත්කිරීම පරමාර්ථයයි. සෑම මොහොතකම විශ්වයේ ඉහළ තත්ත්වයේ දෙවියන් අතින් සිදුවන අදිකාරිබලයක් ඇති මනුෂ්ය හැසිරීම් යනු සෘෂින්ගේ හැසිරීම් වේ. මේවා සිදුකරන ක්‍රම වේදය යෝග විද්යා වයි. සෑම ‍මොහතකම මනසේ නගන රැලි සම්පූර්ණයෙන්ම නිසල කරමින් නිශ්චිත චංචල භාවයෙන් ස්ථාවර නිසල බව යෝග වේ. මේ සඳහා ක්රිම 06 ක් පෙර විසූ මහා සෘෂිවරු අනුගමනය කළහ. එම අවස්ථ හය තුලින් සිදුකලේ මිනිසත් බව තුල සැඟව පැවති උතුම් දිව්‍යමය ස්වභාව එළිදැක්වීම හා ක්‍රියාකාරී මට්ටමට පත්කිරීමයි. ලොවට අවශ්‍ය මිනිස් සම්පත දිව්‍යමය ස්වභාවයෙන් මිදී අමනුෂ්‍ය ස්වරූපයේ ක්‍රියාකාරකම් සිදුකරමින් සිටී. සෑම මනුෂ්‍යයෙකුගේම අභ්‍යන්තරයේ සැඟව පවතින උතුම් මිනිසත් බව හා ඔහු තුළ සැඟව පවතින අප්‍රමාණ දිව්‍යමය ස්වභාවය අවධි කිරීම බ්‍රහ්ම ඥාණය උපදවීම වේ.

• යෝග ආසන
• ප්‍රාණයාම හා ගැඹුරැ චිත්ත ඒකාග්‍රතා
• යෝග භාවනා
• යෝග නිධ්‍රාවන් හා යෝග මුධ්‍රාවන්
• යෝග මන්ත්‍ර හා ධ්‍යාන ක්රණමවේදයන්
• පරම ශාන්ත ස්වභාවය අත්විදීමට ‘ක්රිකයා’ නමැති අභ්‍යාස ක්‍රම යෝග ආසන තුළින් ‘ආසන සිද්ධි’ ලැබීම
• යෝග ආසන තුලින් ‘ආසන සිද්ධි’
‘ප්‍රාණජය’, ‘තුරිය’ සහජ සමාධි යන සිව්වැදෑරැම් තත්ත්වයට පත්වීම හුරුපුරුදු කරවීම අපගේ අධ්‍යාපන රටාව තුළ ඔබට ලැබිය හැකි දේවල් වේ.

සෑම අවස්ථාවකම මිනිසාගේ ප්‍රයෝජනය සඳහා සැකසුන යෝග විද්‍යාව ලොවට අමිල දායාදයක් වේ. සියලු මිනිස් වර්ගයාට තමා තුළ සැගව පවතින සත්‍ය වූ ස්වභාවය අවබෝධයෙන් අත්විඳින්ට මඟ හෙලිකරන අවස්ථාව යෝග ආසන හා ප්‍රාණයාම මගින් සිදුවේ.

ලෝකයාගේ දුක් නිවන සිහි ඇති අවධිමත් ක්‍රියාකාරී මිනිසාට දෙවියන්ගේ ස්වභාවය මිනිස් කයෙන් ක්‍රියාකාරී තත්ත්වයට පත්කර ගත හැක. බ්‍රහ්ම ඥාණය හෙවත් පරම නිශ්ඨාව වේ.

සෑම මොහොතකම මිනිස් මනස චංචලව ක්‍රියාකරයි . මනසේ සංවරය බිඳදමමින් රැලිනගයි. යෝගීන් ගේ අභිප්‍රාය  වන්නේ මේ මනසේ සිදුවන රැලිනැගීම නවත්වමින් එම චලනයන් ස්ථාවර නිසලබවට පැමිණවීමයි. මහා ගුරු ආදී ශාකරගෙන් පැවති එන ආදී ශංකර ඉගැන්වීම පතාංජලී මහා සෘෂින්ට පෙර සිට පැවති මහා සෘෂිවරැන්ගේ ඉගැන්වීමකි. පතාංජලී මහා සෘෂිතුමන් ඉගැන්වූ දේ පමණක් නොව ඊට පෙර සිට ගුරු පරපුර විසින් රැකගෙන ඉතා ඉහළ රහස් අභ්‍යාස ක්‍රම ගුරු පර‍පුර තුල පවතී. භාරතීනම් ගුරු පරපුර විටක දන්ඩි ස්වාමි නමින් හැඳින්වේ.

ලොව පහල වූ මුණිවරැ සෘෂිවරැ අද ඔබට හමුවීමට නොහැක. එසේ සිදුවන්නේ ඉතා දුර්ලබ ලෙසය. පෙර පැවති සංසාරික සම්බන්ධතා නිසා සමහර පුද්ගලයින්ට මහා මුනිවරු සෘෂිවරු නැවත නැවත මුණගැසේ. එහෙත් බොහෝ දෙනෙකුට එම මුනිවරුන්ගේ සෘෂිවරුන්ගේ ප්‍රඥාමය දායාදය සෘජුව ලගා කරගැනීමට මාර්ගය විවර වී නොමැත. ඒ සඳහා ශ්‍රී  යෝගි පදනමේ ඉගැන්වීම ඔබට උපකාරී වේ. විවිධ ස්ථානවල මෙම ප්‍රායෝගික පුහුණුවීම් සිදුකරමින් ඒ ඉපැරණි සෘෂිවරුන්ගේ අද්විතීය ඉගැන්වීම් වර්තමාන මිනිස් පරපුර ශක්තිමත් කරලීම සඳහා ඔවුනට ඒ දැනුම ලබාදීම මාගේ පරමාර්ථයයි. සියලු පුද්ගලයින්ට ආගම්වාදයෙන් හෝ කුලවාදයෙන් තොරව උස්පහත්කම් නොසලකා ඉගෙන ගැනීමට අවස්ථාව ලබා දී ඇත. එය අප මනුෂ්යනත්වයට කරන ගෞරවයයි.

සියලු මිනිස් වර්ගයාගේ දුකට පිහිටක් පිළිසරණක් සුවපත්භාවයක් මේ තුලින් ලබාදීම සිදුවේ.

 

 

‘ගුරැ ඇසුර’

 

සෑම අවස්ථාවකම ගුරැ යනු අදුරෙන් පුද්ගලයන් ආලෝකය කරා රැගෙන යන්නා වේ. ඔහුට ගුරු යයි වහරන්නේ ඔහු විශ්වයේ ඇති ගුරු ශක්තියට සමපාත වූ සම්බන්ධ වූ නිසාය. බ්‍රහ්ම ඥාණය යනු ගුරු ශක්තියයි. මිනිසා නිසගයෙන් උසස් වූ දේ සොයායාම ඉතා ඈත අතීතයේ සිට සිදුකරගෙන පුරුදු ක්‍රියාවන්ගෙන් එකකි.

ගුරුවරුන් ලෝකයෙන් බලාපොරොත්තු වන්නේ මිනිස් වර්ගයාගේ යහපැවැත්මයි. අඳුරට පත්වී අතරමං නොවී ආලෝකමත් මානසික තත්වයක් ඇති කෙනෙකු බිහිකරලීම ගුරුගේ අපේක්ෂාවයි. සෑම මොහොතකම ගුරුවරුන් ඔබගේ සත්ය අවශ්‍යතාවය සඳහා කැපවී සිටියි. ඔබට ඇත්තම අවශ්‍යතාවයක් ඇති වුවහොත් ඔබ ඉදිරියේ ගුරු පෙනී සිටීම සොබාදහම විසින් සිදුකරයි. පෘතුවි වාසීන් වන අප සැවොම එකම ලොවක වාසය කරන මිනිස් ජීවීන් වෙමු. අපගේ අභය්තරයේ ඇත්තේ එකම මනුෂ්ය ස්වභාවයකි. එම මනුෂ්ය ස්වභාවය වර්තමාන ජීවන රටාව ඔස්සේ යටපත් වෙමින් ආශාවන් පසුපස හබායන ඉන් පීඩාවට පත්වන තත්ත්වයක් දක්නට ඇත.

ලෝකයේ මිනිසුන් අතරේ කලින් කල ඇතිවන අරුම පුදුම දේ දැන ගැනීමට ආශාවන් ඇති වේ. මේ යෝග විද්‍යාවට ප්‍රවේශවන පුද්ගලයෝ එම අදහස් යන්තමින් හෝ ඇති පුද්ගලයින් වේ. සියලු දෙනාම පොදු නොවූ අන් අයට වඩා වෙනස් වූ එනමුත් සමාජ ක්‍රමයේදී කැපී පෙනීමක් සිදුනොවන තත්ත්වයක් මේ සඳහා යොමුවන සත්‍ය පුද්ගලයින්ගේ ස්වභාවයයි. ප්‍රසිදිය හෝ කීර්ති ප්‍රශංසා ලාභ අපේක්ෂාවෙන් බොහෝ අය මේ විෂයට ඇතුලුවුවත් ඔවුන් බොහෝදෙනා පසුව යහපත් වේ. එසේ නොවන්නෝ මේ විද්‍යාව ඉගෙනීම අතහැරදමා පිටවයයි. ගුරු උතුමන්ගේ පරම අදිෂ්ඨානය වන්නේ මිනිසාගේ අභ්‍යන්තරයේ ඇති අඳුරු ස්වභාවයන් යටපත් කරමින් ඔහු තුළ ඇති ආලෝකය ප්‍රභාශ්වර බව නැවත පාදාදීමයි. ඔහුගේ ආවේනික ප්‍රභාශ්වරයට පත්කරදීමයි. ඒ සඳහා යෝග විද්යාව භාවිතා කිරීම ගුරැගේ රාජකාරියයි. බොහෝ පුද්ගලයෝ බොහෝ බලාපොරොත්තු පොදි බැඳගෙන ගුරුවරු සොයා එති. ගුරුවරු ඒ බර පොඳි බිම තබා සැහැල්ලුවීමට උගන්වති. ඔබ තුළ තිබෙන නිමක් නැති ආශාවන් ගුරුගේ අතින් සංසිදේ. බොහෝවිට ජීවිතය අවබෝධ කරවීම සිසුන්ට ඔහුගේම අත්දැකීම් තුලින් අත්දැකීමට සැලැස්වීම ගුරුවරු කරන ඉගැන්වීමයි. ශ්‍රී යෝගීන්ගේ පරමාර්ථය එයයි. අතීත හිමාල මහා යෝගීන්ගේ මඟ‍ නැවත වර්තමාන පරපුරට දායාද කිරීමයි. ශ්‍රී රාමා ගුරුතුමන් බෙංගාලිබාබා‍ හෙවත් පූර්නා නන්ද් මහා ගුරු උතුමාණන්ගේ පරම අදිෂ්ඨානය වර්තමානයේ නැවත ලොවට ඔවුන් අනුගමනය කළ ඔවුන්ගේ ඉපැරණි භාරතී පරපුර ලෝකය තුළ බොහෝ කල් සජීවී කිරීමයි. භා යනු දැනුමයි. රතී යනු කැමැත්තයි. මේ අනුව දැනුමට අලුම්කරන්නා. මේ මහා සෘෂිවරුන් යෝගීන්ගේ පරම අදිටන යථාවත්කරලීම අපගේ පරමාර්ථයයි. ශ්‍රී ස්වාමී රාමා ගුරුතුමන්ගේ ලෝක සංචාරය ඔහුගේ ගුරුගේ අතින් සිදුවන ක්‍රියාදාමයකි . බොහෝ අයට දැනුම ලබාදීම එම ගුරුඋතුමන්ගේ පරමාර්ථය විය. ඒ සඳහා අප අපට ලැබුණු දැනුම නිර්ලෝභීව ලබාදෙමින් ඉදිරියට රැගෙනයාම සිදුකරමින් සිටියි. විදර්ශන් ශ්‍රී යෝගී පදනමේ පරමාර්ථය වත්මන් මිනිස් ජීවිතය ඉපැරණි සෘෂිවරුන්ගේ ඥාණ සම්භාරයෙන් පෝෂණය කිරීමයි. ඒ සඳහා ඔබට සෑම විටම දොරටු විවෘතව තබා ඇත.

 

යෝග විද්යා ව හා අපගේ දැනුම ලබාදීම

දිවයිනේ ස්ථාන කීපයකදී මේ දැනුම ප්‍රයෝගිකව ලබාදීම ශ්‍රී යෝගී පදනම සිදුකරයි. ඒ ප්‍රයෝගික පුහුණු වැඩසටහන් මගින් ක්‍රමක්‍රමයෙන් යෝග විද්‍යාවේ ඉපැරණි රහස්‍ය දැනුම තමා විසින්ම අත්විදින මට්ටමට පත්කිරීම සඳහා සැකසුණු ඉගැන්වීම් භාවිතා කෙරෙයි. මහායෝගීකමල, මහා අගස්තිය මුනිගේ, මහා සෘෂි දන්නන්තරීගේ, මහා සෘෂි සිද්ධගුරු බෝගානාතර් මහා සෘෂින් වහන්සේගේ මහා සෘෂි පූර්ණානන්ද මහා සෘෂින්වහන්සේගේ ඉගැන්වීම මේ පදනමේ පුහුණු වැඩසටහන් මගින් ලබාදීම පරමාර්ථය කර ගනිමින් බොහෝ නේවාසික පුහුණු වැඩසටහන් දිවයින පුරා සිදුකෙරෙයි. එක්දින පුහුණු වැඩසටහන් දිනකට පැය 6 බැගින් ද, දින 12 හෝ දින 3 කින් දින 60 දින 120 සේ වැඩසටහන් පැවැත්වේ. මීට අමතරව නේවාසිකව දින 12 දින 14 දින 7 ආදී නේවාසික ප්‍රයෝගික පුහුණු වැඩසටහන් මගින් දිනකට පැය 14 පුරා සිද්ධාන්ත ප්‍රයෝගිකව හඳුන්වා දෙමින් පුහුණු කරවීම එම ප්‍රයෝගික දැනුම සෘජුව අත්විදීමට සැලැස්වීම අපගේ පුහුණුවේ විශේෂත්වයයි. එම අවස්ථාවේ දීම පුහුණුවන්නාට එම පුහුණුවේ ස්වභාවය සෘජු අත්දැකීම් හා ප්‍රත්‍යක්ෂ කරමින් තමාට අත්විඳීමට සැලැස්වීම අපගේ ඉගැන්වීමේ ස්වභාවයයි.

මේ සඳහා බාහිර පරිසරයේ බාධාවන් ගෙන් තොර පිරිසිදු හිතකර පරිසරයක නේවාසික ඉගෙනීමට අවස්ථාව ලබාදීම තමන්ගේ පුහුණුවෙන් තමන් පියවරෙන් පියවර ඉදිරියට, ගැඹුරට යන ආකාරයට තමා විසින් අත්දකිමින් යෝග ආසන යෝග නිධ්‍රා ප්‍රාණයාම හා යෝග භාවනා, මන්ත්‍ර යෝග හා සමාධි භාවනා, ශක්තිය ලබාගැනීම හා තැන්පත් කරගැනීම ආදී වූ විවිධ මට්ටමින් මේ ඉගැන්වීම් සමන්විතයි.

ඉපැරණි මහා සෘෂිවරු හිමාලයේ කඳුමුදුන්වල ගංගා වැලිතලාවල මහා පර්වත උඩු ශිකරමත හිදිමින් පරිසරයේ අද්විතීය වූ සමබර සැහැල්ලු සැනසුම් ස්වභාවය අත්විදිමින් පුහුණුවීම් සිදුකලා සේම වර්තමානයේ දියඇලි ගංගා ආශ්රිහතව මහා ජලාශ ආශ්රිතතව කදුමුදුන්වල හා ඉතා නිශ්ශබ්ද වන මැද මෙම ප්‍රයෝගික අත්දැකීම ලැබීමට සැලැස්වීම සිදුකරයි. එමෙන් නගර මධ්‍යයේ දී ද ඒ පරිසරයේ ලබන සුවබර සැනසිලි ස්වභාවයට පත්වීම ඉගැන්වී සිදුකෙරෙයි.

 


‘යෝග පුහුණුවේ ස්වභාවය’

මිනිසාගේ පැවැත්ම ස්ථාවරව තබාගන්නා සෑම සාධකයක්ම අතීතයේ වැඩ සිටි මහා සෘෂිවරු හදුනාගත්හ. එම දැනුම මත ‘පැවැත්මේ සාරය’ තුලින් යෝග විද්‍යාව බිහි කළහ. ඒ පැරණි මහා යෝගීන්ගේ ඉගැන්වීමට අනුව යමින් මිනිසා හා ඔහුගේ සිරුර, මනස හා ඔහුගේ ප්‍රාණය කෙසේ භාවිතා කළ යුතු දැයි අතීතයේ පුරුදු පුහුණු කලා සේම වර්තමානයේ ද නිවැසියන්ව සිටිමින් කෙසේ එම තත්ත්වය අත්දැකිය හැකිද? යන්න ඉගැන්වේ.

මිනිසාගේ ප්‍රාණය හා එහි පැවැත්ම, මිනිස් සිරුර බිඳවැටීම, මරණය හා නැවත ඉපදීම පිළිබඳ සෘෂිවරු ඉගැන්වූ අතිෂය වටිනාකමෙන් පිරි අභ්‍යාස මේ ප්‍රයෝගික පුහුණුව තුලින් උගන්වනු ලැබේ. සෑම විටම රෝග නිවාරණය සඳහා කය හා සිත කෙසේ භාවිතා කළ යුතුද? එසේ ආරෝග්‍ය හා දීර්ඝ කාලයක් ජීවත්වීම සඳහා කෙසේ පුහුණුවිය යුතුද? චිත්ත ශක්තිය දියුණු කරගැනීම, මානසික විවේකය, සැබෑ සතුට හා සැනසීම ලඟාකර ගන්නේ කෙසේද? යන්න ඉගැන්වේ. මේවා පැරණි භාරතීය සෘෂිවරු විසින් කෙසේ පරිහරණය කළේද? වර්තමාන‍යේ කෙසේ එම ක්‍රම පුරුදු කල හැකිද? ප්‍රයෝගිකව එය පුහුණු වන්නේ කෙසේද? එහි සත්‍යමය අත්දැකීම් ලැබෙන්නේ කෙසේද? යන්න අප විසින් උගන්වනු ලබන ක්‍රමවේදයයි.

සියලු ඉගැන්වීම් ගුරු උතුමන්ගේ ආශිර්වාදය මතම සිදුකෙරෙයි. පැරණි යෝගීන් භාවිතා කළ ක්‍රම නැවත සමාජය හඳුනාගැනීම හා එහි රහස් මේ තුළින් ඉගෙන ගැනීමට අවස්ථාව ලැබේ. ගුරුවරු මහා සෘෂිවරු සේවනය කරන ලද ප්‍රයෝගික පුහුණු පිළිවෙල නැවත වර්තමානයේ දී හඳුනාගැනීමට හා එම අත්දැකීම් ලැබීමට අවස්ථාව එලබේ. මිනිස් සිරුරේ වැලදෙන රෝග නිවාරණය, මානසික ශක්තිය දියුණු කරගැනීම අධාත්මික සැනසීම, සැබෑම නිදහස හා සැබෑ නිවීමක් අත්වීමට අවස්ථාව ලබාදීම මෙහි පරමාර්ථයයි.

 

ලෝකයේ හා ලංකාවේ යෝග දැනුම හිමාලයේ පුහුණු පිළිවෙල’

එකින් එක පියවර තබමින් පියවරෙන් පියවරට කඳු මුදුනට ලගාවන්නා සේ හිමාලයීය යෝගීන් ඉතා අඩු මට්ටමේ සිට ඉතා ඉහළ මට්ටම දක්වා මේ යෝග විද්‍යාව හදාරයි. ඒ සඳහා යෝග ආසන ක්‍රම , ප්‍රාණයාම ක්‍රම යෝග භාවනා ක්‍රම හා මන්ත්‍ර භාවිතය සෘෂිවරුන්ගේ ආශිර්වාදය ලැබෙන අභිශේකය තුලින් සිසුන් එම මට්ටමට පිහිටුවීම සිදුකෙරේ. පිහිටුවාලන ශිෂ්‍යයා ක්‍රමයෙන් අඳුරින් ආලෝකය කරා ප්‍රවේශවේ. රළු තැනින් ක්‍රමයෙන් සියුම් තැන දක්වා ප්‍රවේශවේ. දුර්වල බවේ සිට ක්‍රමයෙන් සවිමත් බවට පත්වේ. විවිධ වූ සම්ප්‍රදායන් බොහෝ ප්‍රමානයක් ආධුනිකයන්ගේ නිවීම සංසිඳීම පිණිස ඉගැන්වේ. පරිසරය සිත සහ මිනිස් සිරුර එක්කරමින් මමත්වයෙන් තොරවූ තත්ත්වයටපත් කෙරේ. විවිධ ආශාවන් වලින් බර සිත කය සමග සංයෝග වෙමින් කය මෙවලමක් කරගනිමින් සොබාදහමට එක්වන ආකාරය ඉන් ඉගැන්වේ. මනෝ මූලික සත්වයෙක් තම සියලු ක්‍රියාදාම මනසින් හසුරවමින් සිටින අතරේ මනස පූර්ණ නිසලභාවය ගැඹුරු චිත්ත ඒකාග්‍රතාවය වෙත කෙසේ රැගෙන යන්නේ දැයි ප්‍රයෝගිකව අත්විදියි. මමත්වයෙන් තොර ගැඹුරැ අවධිබව ඒකාග්‍රතාවය හා ප්‍රඥාව කෙසේ පරිහරණය වන්නේ දැයි කෙසේ හැසිරවිය යුතුද යන්න ඉගෙන ගනී. එය කියවීමක් නොව කටපාඩම් කිරීමක් නොව තමා විසින්ම අත්විදින තත්ත්වයකි.

ලෝකයේ බොහෝ රටවල හා ලංකාවේ දිගැදුම් ව්‍යායාම ක්‍රමයක් ලෙස කායික ව්‍යායාම ක්‍රමයක් ලෙස යෝග හඳුන්වා දෙමින් රූපලාවන්යව ක්‍රමයක් ලෙස භාවිතා කරන ආකාරයක් උගන්වයි. ඒ ගැන කතා කරයි. මුදල් මූලික වූ සමාජය මානසික අවිවේකය හා මානසික අසමබරතාවය මුල්වෙමින් පැනනගින බොහෝ ගැටලු සඳහා යෝග ව්‍යායාම ක්‍රමයක් ලෙස පුහුණුවීම හඳුන්වාදෙයි. එනමුත් එය සත්‍ය නොවේ. රූපය හැඩකරන තවත් එක ක්‍රමයක් ලෙස හැදින්වුවත් පුහුණු වන ප්‍රයෝගික ක්‍රමය නිවැරදි නොවන නිසා නිවැරදි ප්‍රථිපල නොලැබේ. මනස අවිවේකී වූ විට අසහනකාරී වූ විට චංචල වූ විට සිරැර අවපැහැගැන්වේ. රලු ස්වභාවයක් ඇති වේ. වෙහෙස දැනේ. දහඩිය ගලායමින් සිරුර රත්වේ. අපහසුතාවයට පත්වේ. කුමන රූපලාවන්ය ක්‍රමයක් අනුගමනය කලත් අප්‍රිය ස්වභාවයක් ඇති වේ. ප්‍රීතිය උපදවන පැහැපත් ස්වභාවය සැනසීම හා සැබෑ සතුට තුලින් ජනිත වේ. සුවපත් නොවූ මනසින් පැනනගින කිරන දාරාව පරිසරයට එක්වන විට අන් අයට ප්‍රිය උපදවන පුද්ගලයෙකු ඉන් බිහි නොවේ. මනසේ සංසුන් නිසල ඒකාග්‍රතාවය සතුට හා සැනසීම උදාකරයි. මුලු සිරුරම පිනායයි. සිරුර සැහැල්ලුවී යයි. සිතට සතුට කයට සුවය දැනේ. සමෙහි පැහැබර ප්‍රියමනාප ස්වභාවය ඉන් ජනිත වේ. ප්‍රිය උපදවන පුද්ගලයෙකු ඉන් බිහිවේ.

රූපලාවන්ය ක්‍රමයක් ලෙස යෝග ආසන ක්‍රම හුවා දැක්වීම අසත්යකි. එසේ වන්නේ මානසික සුවය නිසාමය. දිගැදුම් ව්‍යායාමයක් ලෙස ‍වෙහෙසවෙමින් දහඩියෙන් තෙමී හද ගැස්ම වඩා වේගයෙන් සිදුවෙමින් තිබෙන විට සිත කෙසේ නිසල වේද? මනස නිසල නොවන විට චිත්ත වෘත්තීන්ගේ නිරෝධය කෙසේ සිදුවේද? මහා සෘෂි පතාංජලී උතුමන් පැහැදිලි කර ඇත්තේ ‘යෝගෂ් චිත්තවෘත්ති නිරෝධඃ’ යනුවෙනි. යෝග යනු සියලු චිත්ත වෘත්තීන්ගේ නිරෝධය සිදුවන මොහොතයි. එසේ නම් වත්මන් ලොවේ යෝග භාවිතාවීම නිවැරදි ද ? ලෝකයේ බොහෝ දෙනා යෝග භාවිතා කරන්නේ අධාත්මික  දියුණුවක් ලබාගැනීම සඳහා ද? කායික ව්‍යායාමයක් ලෙසද? නැතිනම් මේ ද්විත්වයම සඳහා ද? සෑම දෙනාම නිවැරදි අධාත්මික  පුහුණුවට සම්බන්ධවිය යුතුයි. එවිට යෝග පුහුණුවෙන් අතීතයේ සිටි අධාත්මික ශක්තියෙන් පරිපූර්ණ මහා යෝගීන්ගේ නිවැරදි යෝග ක්‍රියාමාර්ග අනුගමනය කලා වේ.

අප විසින් ලංකාවේ ස්ථාන කීපයක පැරණි ගුරුවරු විසින් උගන්වන ලද දැනුම නිවැරදි ලෙස පුහුණු කරවීම සිදුකරමින් අපේක්ෂා කරන්නේ මිනිස් සිරුර හා එහි නිර්මාණය එමෙන්ම සිරුරේ පැවැත්ම සිදුවෙන ආකාරය සොබාදහම සමග ඇති මනා සබදතාවය සහ බොහෝ රෝග සුවපත්වීම එහි අපේක්ෂාව වේ. සොබාදහමට අනුව කයෙහි පිහිටි අන්නමය / ප්‍රණාමය / මනෝමය/ විඤ්ඤාණමය/ ආනන්දමය වූ කෝෂ එකින් එක ගැඹුරින් ගැඹුරට ස්පර්ශ වන ලෙස පුහුණුව සිදුවේ. යෝග ආසනයකදී මිනිසාට උදාකර ගත හැකි වූ බොහෝ අවස්ථාවන් සමාධි, සෘද්ධින් හා චිත්ත බලය, අධිෂ්ඨාන ශක්තිය නාඩි ශෝදන හා අවධිය ආදී වූ බොහෝ දේ ඔබට ලබාගත හැක්කේ ‍කෙසේදැයි ඉගෙන ගැනීමට පුහුණුව තුලින් ඉඩප්‍රස්ථාව ලැබේ. පිළිවෙලින් යෝග ආසන සිද්ධි, වායු සිද්ධි, ප්‍රාණජය , තුරිය ආධ්යාතත්මිකව ලගාවිය හැකි අවස්ථා තුන ගුරු ගෝල සම්බන්ධයෙන් ලබාදීමට අපේක්ෂා කෙරේ. අවසන් අවස්ථාව කෞවලය හෙවත් සහජ සමාධි (සවිකල්ප නිර්විකල්ප සමාධි) සිව්වන අවස්ථාවයි. පිළිවෙලින් මේ තත්ත්වයන් ලබාගැනීම සඳහා ඉදිරියට යාමට යෝග ආසන ප්‍රාණයාම චිත්ත භාවනා මන්ත්‍ර පුහුණුව යන අංගයන් සෑම එකක්ම පිළිවෙලට නිවැරදිව පුහුණුව නිර්මාණය කරමින් සෑමදෙනාටම එහි ප්‍රතිලාභ  ලැබීමට අවස්ථාව සලසා ඇත.

යෝගආසන, ප්‍රාණයාම , නිද්‍රා , යෝග මුද්‍රා , බන්ද හා ක්රිටයා යන ශඩ් විද අංග ඇතුලත්ව පුහුණුව අන්තරංග සාධනාව හා බහිරංග සාධනාව යන ද්විත්ව ස්වරූපයෙන් සිදුකරයි. අදියර සතරකින් ප්‍රයෝගිකව මේ ක්‍රම ඉගැන්වීම සිදුවේ. අධ්‍යාත්මික භාහිර හා අභ්යන්තර පාරි‍ශුද්ධිය චිත්ත සමාධිය හා පූර්ණ අවබෝධය, ගැඹුරැනිවීම හා සැනසීම යෝග තුලින් උදාකරගන්නේ කෙසේදැයි ඉගැන්වේ. සෑම අතින්ම ලොවට පැරණි සෘෂිවරු දායාදකල පුහුණු පිළිවෙල ඉගැන්වේ. සෑම අවස්ථාවක්ම නිවැරදි අධීක්ෂණයක් ප්‍රයෝගික ප්‍රක්ත්‍යක්ෂතාවක් නොමැතිව ඉදිරියට යාමට නොහැකි වන ලෙස මෙය සැකසී ඇත. එකින් එක පරීක්ෂා කරමින් නිවැරදි බව වඩා ප්‍රබල ලෙස පැහැදිලි කරමින් පියවර හතර අවස්ථා හතරකට කාලසීමාවන් හතරකට ඉගැන්වේ. සිසුන් විසින් ගුරු උපදෙස් පුහුණුවූ විට සිදුවෙන ප්‍රායෝගික තත්ත්වයන් සියල්ල ගුරුවරැන්ගේ අධීක්ෂණයක් හා ප්‍රායෝගික පරීක්ෂාවක් යටතේ සිදුකෙරේ. නිවැරදි බව මනිනු ලබන ප්‍රායෝගික පරීක්ෂා කිරීම් අඩංගුය. උදාහරණයක් ලෙස යෝග ආසන සිද්ධි තත්ත්වය ලද පුද්ගලයාට තම සිරුරේ බරක් නොදැනේ. වේදනා නොදැනේ. පාවෙන සුලගක් මෙන් සිරුර සැහැල්ලුය. ඒ බව ප්‍රත්යෝක්ෂ වීමට  ප්‍රායෝගික  පරීක්ෂණයක් ලෙස වැලිවලින් නිමවූ බර කිලෝ. 50 කිලෝ. 100 වැනි බරක් ක්‍රමයෙන් සිරුරට එක් කෙරේ. එනමුත් එම තත්ත්වය ලද පුද්ගලයාට එම බර නොදැනේ. දහඩියෙන් තොර හද ගැස්මේ වේගය වැඩිවීමකින් තොරව මෙසේ ප්‍රායෝගික  පුහුණුව සකස් වී ඇත. අධිෂ්ඨාන ශක්තිය එදිනෙදා ජීවිතයේ දී භාවිතා කරන්නට ඉගැන්වේ. එසේ යෝග ආසන හා ප්‍රාණයාම සිදුකරන විට එම අවස්ථාවේදී ඒවාගේ ප්‍රත්‍යක්ෂ බව තමාටම දැන ගැනීම සඳහා ඉඩ ලැබේ. යෝග ආසනයක විනාඩි 20 , 30 ඉතා සැහැල්ලුවෙන් අවධිබවින් ඒකාග්‍රතාවයෙන් සිටිය යුතු වේ. සිසුන්ගේ පුහුණුවේදී ඔවුන් එසේ රැදී සිට සෘජු අත්දැකීම් ලබාගැනීම සඳහා අවස්ථාව ලබාදේ. එම අවස්ථා පරීක්ෂා කරමින් ප්‍රත්‍යක්ෂ තත්ත්වයට පත්කෙරේ. මෙසේ අපගේ ඉගැන්වීම බොහෝ අයට ලබාදීම සිදුකරයි.

විදර්ශන් ශ්‍රී යෝගී පදනම භාවිතා කරන අධ්‍යාපන ක්‍රමවේදය මෙයයි. මෙයින් මේ වනවිට බොහෝ දෙනෙක් පුහුණු වී ප්‍රතිඵල ලබා ඇත. ඒ පුහුණුව ක්‍රම යෙන් අනුගමනය කරන්න අවශ්‍ය සියලු දෙනාට අප ශ්‍රී යෝගීන්ගේ පදනම ආරාධනා කරයි. ශ්‍රී යෝගී පදනම තුලින් ඔබට ලැබිය හැකි දේ සඳහා අප හා එක්විය හැකියි.